Header Ads

උණුසුම් පුවත්

පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල එයි

කොවිඩ් -19 වෛරස පරීක්ෂාව සඳහා පසුගිය 13වනදා පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු මන්ත්‍රීවරුන් 15 දෙනාගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට ලැබී තිබෙනවා.

ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ PCR වාර්තා මගින් ඔවුන්ට කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

පසුගිය 13 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 463 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණා.

එහි දෙවන අදියර යටතේ අද (15) පෙරවරු 09.00 සිට දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.