Header Ads

උණුසුම් පුවත්

කෑගල්ල පොලිසියේ සැරයන්වරයකුගේ වැඩ තහනම්



තම පුතා කොවිඩ් -19 ආසාදිතව තිබියදී ඒ බව නොදන්වා නිරෝධායන නීති උල්ලංඝනය කර සේවයට පැමිණි කෑගල්ල පොලිසියේ පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කිරීමට 13 දා පියවර ගත් බව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න කීය.

කෑගල්ල පොලිසියේ නඩත්තු අංශයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකු තම පුතාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී තිබියදී ඒ බව තම සේවා ස්ථානයට නොදන්වා සේවයට පැමිණ ඇත. නඩත්තු අංශයේ සේවය කරන මෙම පොලිස් සැරයන්වරයා ජනවාරි 01 දා සේවයට වාර්තා කර නව වසරේ සුබ පැතීම්වලටද සහභාගි වී ඇත.