Header Ads

උණුසුම් පුවත්

නිදහස් උළෙල සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අභිමානවත්ව සැමරීමට සූදානම් - ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න


මෙවර නිදහස් දින සමරු උළෙල සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අභිමානවත්ව සැමරීමට  කටයුතු සූදානම් කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සදහන් කළා. ඒ මහතා මේ බව කියා සිටියේ ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ඊයේ (18) පැවති සාකච්ඡාවකට එක්වෙමින් මෙහිදී ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම නිදහස් දින සැමරුමේ පෙළපාලි සඳහා සහභාගි කරගන්නා සියලුම ආරක්ෂක නිලධාරීන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් පසුව ඒ සඳහා සම්බන්ධ කරගැනීමට කටයුතු කරන බවයි. එමෙන්ම මෙවර නිදහස් දින උත්සවය අවම සහභාගීත්වයකින් යුතුව පැවැත්වීමට කටයුතු කරන බවද  නිදහස් දින පෙරහුරු කටයුතු පෙබරවාරි 01 වනදා සිට 03 වනදා දක්වා පැවැත්වෙන බවද ඒ මහතා සදහන් කළා.