සාගර හා මිරිදිය ජීවීන්ද දෙස් විදෙස් පක්ෂීන්ද ගංගා හා කලපු ආශ්‍රිත වන ජීවීන්ගේද ආරාක්ෂාවටත් පරිසර සංරක්ෂණය පිණිසත් තෝරාගත් නිර්දේශිත කලාප තුල කඩොලාන වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ යෝජනාවක් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා වෙත ඉදිරිපත් වී ඇති අතර ඒ සදහා මූලික සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර් 500ක කලාපයක් තුළ කඩොලාන ශාක ලක්ෂයක් සිටුවීමට යෝජනා වී ඇති අතර රාජ්‍ය නොවන සංවිධානයක් මගින් ව්‍යාපෘතිය සිදුකරනු ලබන බවත් සංවේදී කලාප හදුන්වාදීමත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපෘති සාමාජිකයන්ට සහ ඒ සදහා සහභාගී වන ජනතාව සම්බන්ධීකරණය කිරීම පමණක් අපේක්ෂා කරන අතර සියලු පිරිවැය උක්ත රාජ්‍ය නොවන සංවිධානය මගින් දරනු ලබන බවත් යෝජිත ව්‍යාපෘති අධ්‍යක්ෂක තුශාන් කපුරුසිංහ මහතා පැවසුවේය.
අදාල ව්‍යාපෘතිය අධ්‍යයනය කර යෝග්‍ය නම් ක්‍රියාවට නංවන ලෙස අමාත්‍යතුමා අදාල නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර, වනජීවී අධ්‍යක්ෂක ජනරාල් එම්. සූරියබණ්ඩාර හා අතිරේක වන සංරක්ෂක එම්. ඒ බණ්ඩාර යන මහත්වරුන් සහභාගී වන ලදී.




