කොවිඩ් එන්නත ලබාදීමේදී මෙරට වැඩකරන ජනතාවට ප්‍රමුඛත්වය දෙන්න - ඇමති නිමල් සිරිපාල


ඉදිරියේ දි කොවිඩ් මර්දනය සදහා  මෙරට ජනතාවට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ දී  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් සහ නිර්ණායකයන් සැලකිල්ලට ගෙන ප්‍රමුඛතා ලැයිස්තු සැකසීම සුදුසු බවත්, අප රටේ ආර්ථිකය පවත්වා ගෙන  යාමේ දී   මෙරට වැඩකරන පන්තියේ ජනතාව දක්වන දායකත්වය සැලකිල්ලට ගනිමින්, එම ප්‍රමුඛතා ලැයිස්තු සැකසීමේ  දී වැඩකරන පන්තියේ ජනතාවටද ප්‍රමුඛත්වයක් ලබා දීම සුදුසු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.


එහි දී වැඩබිම් හා  කර්මාන්ත ශාලා වලට ද එම එන්නත ලබාදීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ  නිර්ණායක මත පිහිටා එම එන්නත ලබාදිය හැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත වෛද්‍ය රේසියා පෙන්ඩ්සේ (Dr.Razia Pendse) මහත්මිය (13)  කම්කරු අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා  හමු වූ අවස්ථාවේදී ය.කොවිඩ් මර්දනය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක සභාවට පත්කර ඇති   එකම ශ්‍රී ලාංකික නියෝජිතයා වන වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ද මෙම අවස්ථාවට එක්විය .
covid වසංගතයෙන් මේ රටේ වැඩකරන ජනතාව බේරා ගනිමින්, වැඩබිම් තුළ නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටීමට ඉඩ නොතබා ශක්තිමත්ව  පවත්වා ගෙන යන වැඩ පිළිවෙළට සිය සම්පූර්ණ සහයෝගය ලබා දීමට කැමැත්තෙන් සිටින බව මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය රේසියා පෙන්ඩ්සේ (Dr.Razia Pendse) පැවසුවාය.
මෙම කෝවිඩ් මර්දන එන්නත ලබාදීම රජය මගින් දැනට මනා ලෙස ස්ථාපිත කර ඇති මෙරට සෞඛ්‍ය සේවා ජාලය ඔස්සේ සිදු කිරීම ඉතාමත් උචිත බවද රේසියා  මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
එහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ, කෝවිඩ් වසංගතය වැඩබිම්වල පැතිරයාම වැළැක්වීම සඳහා සහ කෝවිඩ් ආසාදනයට ලක් වන වැඩකරන ජනතාවට සහන සැලසීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග  අධීක්ෂණය කිරීමට මේ වන විටත් සෑම වැඩබිමක සෞඛ්‍ය කමිටු පිහිටුවීම අනිවාර්ය හා අත්‍යවශ්‍ය කාරණයක් බවට රෙගුලාසි පනවා ඇති බවය.එම රෙගුලාසි ප්‍රකාරව අදාළ ක්‍රියාකාරකම් වැඩබිම් තුළ ක්‍රියාත්මක වන්නේ ද යන්න පසු විපරම් කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් හා කම්කරු නිලධාරීන් කටයුතු කළ යුතු බවට ද උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
කෝවිඩ් එන්නත බෙදා දීමේ දී විශේෂයෙන්ම ආදායම් අඩු ජන කොටස් සඳහා එය නොමිලේ ලබා දිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙන ඇති තීරණය අගය කරන බව ද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය . එසේම වැඩ කරන ජනතාවට මෙම එන්නත ලබාදීම සඳහා ගෙන යන ක්‍රියා මාර්ගයන් හි දී කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව, හාම්පුතුන්ගේ සම්මේලනය හා වෘත්තිය සමිති යන සියලු අංශ පූර්ණ සහයෝගය ලබාදීම සඳහා සහතික වන  බව ද  ඇමතිවරයා  අවධාරණය කළේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොවිඩ් එන්නත ලබාදීමේදී මෙරට වැඩකරන ජනතාවට ප්‍රමුඛත්වය දෙන්න - ඇමති නිමල් සිරිපාල
කොවිඩ් එන්නත ලබාදීමේදී මෙරට වැඩකරන ජනතාවට ප්‍රමුඛත්වය දෙන්න - ඇමති නිමල් සිරිපාල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKH4WwvgsadDRpyYgEzqMA84ZgYNG9IhGU6EA3XKtcrQCA-4qF8D4IBNuw4YC45zGE4dVEBhkfzIg0xLOYSImzh64o90J8DWdixpfe8nkDxQ5NifsNKesXNiM712Scu2vudbyzccusQvk/s16000/Nimal-Siipala.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhKH4WwvgsadDRpyYgEzqMA84ZgYNG9IhGU6EA3XKtcrQCA-4qF8D4IBNuw4YC45zGE4dVEBhkfzIg0xLOYSImzh64o90J8DWdixpfe8nkDxQ5NifsNKesXNiM712Scu2vudbyzccusQvk/s72-c/Nimal-Siipala.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/nimal%20siripala%20de%20silva-covid19.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/nimal%20siripala%20de%20silva-covid19.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content