දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක්


කොවිඩ්-19 හමුවේ දේශීය සිනමා කර්මාන්තය රැකගැනීම උදෙසා රාජ්‍ය මැදිහත්වීමෙන් දෙවසරක කාලයකට සහන ලබා දීමට අදාළ සාකච්ඡාවක්   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 08 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

සිනමා කර්මාන්තයේ නියැළි වෘත්තිකයන්ගේ සංගම් හා සංවිධාන ආශ්‍රිත ගැටලු සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා තිබිණි. චිත්‍රපට නිෂ්පාදනයින්ගේ  සංසදය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා සිනමාශාලා හිමියන්ගේ සංගමය මෙම හමුවට එක් විය.

කොවිඩ් -19 අර්බුදය හමුවේ සිනමා කර්මාන්තය ඉතා අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සහ සිනමාශාලා හිමියන් මෙම හමුවේදී අග්‍රාමාත්‍යතුමාට පැහැදිලි කළේය.

එහිදී 2021-2023 ජන ආකර්ෂණීය චිත්‍රපට 25ක් ප්‍රදර්ශනය කිරීම හා මෙම අභියෝගාත්මක කාලයේ දේශීය සිනමා කර්මාන්තය නඟා සිටුවීමට අදාළ ප්‍රායෝගික වැඩපිළිවෙළ මෙන්ම සිනමාශාලාවල වර්තමාන තත්ත්වයත් අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කෙරිණි.

සිනමා ශාලා හිමියන්ගේ විදුලි ගාස්තු ඒකක ගණනය කිරීමේ දී කර්මාන්ත ගණයට ගෙන එම අය කිරීම ඉදිරියට ගෙනයාම, විනෝද බද්ධ වසර දෙකක කාලයක් සඳහා සියයට 05 දක්වා අඩුකිරීම, බෙදාහැරීමේ ගාස්තු අහෝසි කිරීම හෝ අවම කිරීම, මේ සම්බන්ධ තීන්දු ගැනීම විශේෂ කමිටුවක් යටතට පත්කිරීම, සිනමා පට නිෂ්පාදනය සඳහා සියයට 4 හෝ 6 පොලී අනුපාතයට රාජ්‍ය බැංකුවලින් ණය ලබා ගැනීම, සහනදායී ලෙස රාජ්‍ය හා සියලු මාධ්‍යවල ප්‍රචාරක වැඩපිළිවෙළක් ඇති කිරීමට මෙම හමුවේදී අවධානය යොමු විය.

මෙම යෝජනාවලට අදාළ තීන්දු ගැනීම සඳහා එක් එක් ආයතන හා අංශ වෙත යොමුවී සාකච්ඡා කරන ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහිදී දැනුම් දුන්නේය.ඒ අනුව අදාළ ආයතන හා අංශ දැනුවත් කරමින් ඉදිරියේදී මෙම සහන ක්‍රියාත්මක කිරීමට අදාළ අවසන් තීන්දුවලට එළැඹීමට නියමිතව ඇත.

බන්දුල ගුණවර්ධන මහතා චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙසත්, අමාත්‍ය සරත් වීරසේකර මහතා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් මෙම අවස්ථාව සඳහා සහභාගීවීම විශේෂත්වයකි.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් සහ දේශීය සිනමා ශිල්පීන්ගේ සංගමයේ සභාපති රොහාන් වැලිවිට, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස ඇතුළු චිත්‍රපට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක, ශ්‍රී ලංකා සිනමා ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති අනුරාධ බී රැකව, ශ්‍රී ලංකා සිනමා නිෂ්පාදකයන්ගේ සංසදයේ සභාපති රසිත ජිනසේන ඇතුළු ඒ ඒ සංගම් නියෝජනය කරමින් කලාකරුවන් රැසක් එක්ව සිටියහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක්
දේශීය සිනමාව රැකගැනීම උදෙසා දෙවසරක වැඩපිළිවෙළක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPlOIGscaO1gxmwo9xFHCb4ByqEg4TjRDpWCx76ouMkhtylrZd3q_4FKb9bKytasHWlNdgQVrjJTwvyHY7lFfuZoyDMtDumRf6EFOcqA0ui3z-df_BF8N42PXw9MQ6EXMM7AsNKrQLSao/s16000/Image-Top-Layout+%25281%2529+%252816%2529.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPlOIGscaO1gxmwo9xFHCb4ByqEg4TjRDpWCx76ouMkhtylrZd3q_4FKb9bKytasHWlNdgQVrjJTwvyHY7lFfuZoyDMtDumRf6EFOcqA0ui3z-df_BF8N42PXw9MQ6EXMM7AsNKrQLSao/s72-c/Image-Top-Layout+%25281%2529+%252816%2529.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/local-cinema-development.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/local-cinema-development.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content