මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ සිදුකෙරෙන නීති විරෝධී ඉදිකිරීම්, ගොඩකිරීම් සහ කසළ බැහැර කිරීම් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර තිබෙනවා.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා, වනජීවී දෙර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මීගමුව, වත්තල හා ජාඇළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු නම්කර තිබෙනවා.
පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ නීති විරෝධී හා අනවසර ඉදිකිරීම් රාශියක් සිදුවෙමින් පවතින බවයි.
ඊට අමතරව අදාළ කලාපයේ ඉඩම් ගොඩකිරීමේ කටයුතු ද සිදුවන බව පෙන්වා දෙන එම සංවිධානය කොළඹ නගරය සහ අවට ප්‍රදේශවල සිට රැගෙන එන කැලිකසළ බැහැර කිරීම නිසා විශාල පාරිසරික දූෂණයක් ද සිදුවන බවයි.
ඊට අමතරව කර්මාන්ත ශාලාවලින් බැහැර කරන අපද්‍රව්‍ය ද මුතුරාජවෙල කලාපය තුළට මුදාහැරීම නිසා එම පාරිසරික හානිය දැඩි ලෙස උත්සන්න වී තිබෙන බවද පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
මේ හේතුවෙන් සංරක්ෂිත කලාපයක් වශයෙන් නම්කර තිබෙන මුතුරාජවෙල තෙත් බිම් ප්‍රදේශය තුළ සිදුකෙරෙන නීති විරෝධී අනවසර ඉදිකිරීම්, ගොඩකිරිම් හා කැලිකසළ බැහැර කිරීම් තහනම් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර සංවිධානය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඊට අමතරව මුතුරාජවෙල තෙත්බිම් කලාපය යළි මිණුම්ගත කොට එහි මායිම් අලුතින් නීර්ණය කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝග නිකුත් කරන ලෙසත් රටේ තෙත්බිම් ආරක්ෂා කිරීමේ "ජාතික තෙත් බිම් ප්‍රතිපත්තියක්" සකස් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.




