Header Ads

උණුසුම් පුවත්

අයිස් සහ හෙරොයින් සමග සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට


ඊයේ රාත්‍රී වැලිකඩ අරුණෝදය මාවතේදී වැලිකඩ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 වන ඔබේසේකරපුර රාජගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. එමෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 215 සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 38 වූ ආඳාදොල, වතුගෙදර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.