Header Ads

උණුසුම් පුවත්

ලක්ෂ 65ක් වටිනා ගජමුතු 4ක් සමග 5 ක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 65ක් පමණ වටිනා ගජමුතු 4ක් සමඟ කාන්තාවක් ඇතුළු 5 දෙනකු ඊයේ (13) පස්වරුවේ අම්බලන්තොට පොලිස් විශේෂ කාර්යය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ලන්ද, මොණරාගල, වැල්ලවාය, හඳපානාගල, ඇතිලිවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට ගත් එක් එක් ගජමුතු බරින් ග්‍රෑම් 9ක් සහ මිලිග්‍රෑම් 210ක්, ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 450ක්, ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 230ක් සහ ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 830ක් වන බව නිලධාරිහු කියති.

මෙම ගජමුතු වෙනත් පුද්ගලයකුගෙන් මිලදී ගෙන අලෙවි කිරීම සඳහා ගෙනා ඒවා බව සැකකරුවන් පැවසූ බව නිලධාරිහු කියති.

හම්බන්තොට බඳගිරිය හතේකණුව ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පැමිණි බව කියන යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක්ද විශේෂ කාර්යය බළකා නිලධාරින්ගේ බාරයට ගෙන තිබේ.

නාවික හමුදාවේ බුද්ධි අංශ තොරතුරු අනුව වැටලීම සිදුකර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම ගජමුතු හම්බන්තොට වනජීවි කාර්යාලයට බාර දුන් බව විශේෂ කාර්යය බළකා නිලධාරිහු කියති.