මෙම උපාධිධාරීන් හදාරා ඇති විෂය ක්ෂේත්‍ර හඳුනාගෙන ඊට සරිලන කාර්යයන් පැවරීම සිදු කෙරේ
උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ වැඩසටහනට අනුව ඉල්ලුම්කර ඇති විදේශ උපාධිධාරීන් සඳහා පත්වීම් ලබා දීමට ප්‍රතිපාදන නොමැති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි ප්‍රකාශ කරයි.
ඒ අනුව විදේශ උපාධිධාරීන් සඳහා රැකියා ලබාදෙන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් ලැබීම හේතුවෙන් මෙම පියවර ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කරයි.
විදේශ උපාධිධාරීන්ගේ උපාධි පසුබිම සම්බන්ධව තොරතුරු රැස් කිරීම සඳහා ගූගල් පෝරමයක් හඳුන්වා දී ඇති අතර එම පෝරමයෙන් විමසා ඇති තොරතුරු ද සම්පූර්ණ කර මෙම මස 24 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර යොමු කළ යුතු බවද ලේකම්වරයා අවධාරණය කර ඇත.
මෙය රාජ්‍ය ආයතනයක සේවා අවශ්‍යතාවක් සඳහා සිදු කරනු ලබන තොරතුරු රැස් කිරීමක් පමණක් බවද ඔහු අවධාරණය කර සිටියේය.