පාර්ක් ඇන්ඩ් රයිඩ් - සිටි බස් සේවාව අද සිට ආරම්භ කෙරෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් අද ආරම්භ කෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළා.
මේ අනුව අද දිනයේදී මාකුඹුර සිට පිටකොටුව දක්වාත් පිටකොටුවේ සිට මාකුඹුර දක්වාත් 138 මාර්ගයේ සහ බත්තරමුල්ල ඔස්සේ මෙම සිටි බස් සේවාව ආරම්භ වනවා. සිය පෞද්ගලික වාහනවල පැමිණෙන අයට වාහන අංගනයක් තුළ සිය රථය නවතා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගි බස්වල කොළඹ නගරය දක්වා පැමිණීමේ හැකියාව මේ යටතේ පවතිනවා. එම බස් රථවල වයිෆයි ඇතුළු සියලු පහසුකම් සපයා තිබෙන අතර
සෑම මිනිත්තු 10කට වරක් බස් රථයක් ගමන් ආරම්භ සිදු කෙරෙන අතර මෙම බස් රථයක ගාස්තු අයකිරීම සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක්.
පාර්ක් ඇන්ඩ් රයිඩ් - සිටි බස් සේවාව පිලිබඳව පැවැත්වූ මාධ්‍ය හමුව -