අපදාවට පත් ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මගින් නිරුපද්‍රිතව බේරාගැනේ


යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසාගෙන ගොස් තිබූ ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් දෙදෙනා (02) මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේද සහයෝගය මත නිරුපද්‍රිතව මුදවාගැනීමට නාවික හමුදාව 2021 ජනවාරි 13 වන දින කටයුතු කරන ලදි.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙතින් 2021 ජනවාරි මස 12වන දින යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ එක්දින ධීවර යාත්‍රාවක්  අතුරුදන් වී ඇති බවත් එම යාත්‍රාව සොයා ගැනීම සඳහා සහාය වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය හරහා ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කරන ලදි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව අදාල යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ කච්චතිවු දූපත ආසන්න ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය වෙත ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාව යොමු කරන ලදි. එහිදී සිදු කරන ලද සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමේදී අදාල ධීවර යාත්‍රාව කාර්මික දෝශයක් හේතුවෙන් අන්තර්ජාතික මුහුදු සීමාවෙන් ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසා ගෙන ගොස් ඇති බව නිරීක්‍ෂණය කරන ලදි.

අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේද සහයෝගය ඇතිව එම ධීවර යාත්‍රාව ගසාගෙන ගොස් තිබූ ඉන්දීය මුහුදු කලාපය වෙතට ශ්‍රීලංනානෞ ජයසාගර නෞකාව යොමු කරන ලද අතර, ඒ අනුව අදාල ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් දෙදෙනා නිරුපද්‍රිතව මුදවාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවිය.

මෙලෙස මුදවාගන්නා ලද ධීවරයින් දෙදෙනා සහ අදාල ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය වෙත රැගෙන ඒමෙන් අනතුරුව එම ධීවර යාත්‍රාවේ හිමිකරු වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කල අතර, කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති සියළු උපදෙස් අනුගමනය කරමින් මෙම සෙවීම් හා මුදවා ගැනීමේ මෙහෙයුම සිදු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අපදාවට පත් ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මගින් නිරුපද්‍රිතව බේරාගැනේ
අපදාවට පත් ධීවර යාත්‍රාවක් නාවික හමුදාව මගින් නිරුපද්‍රිතව බේරාගැනේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhouXhIPva-35sM071bVa-orLb4tfWmckNKpwJ5RERB0RXbkELmN7ocXwPBPRkRBJg-4L5KyMSF7hommlQMg44O6vT5q1S8uK3e-Ga4kK7uQdwn_hZ5nfZ-BUKvVBtJKTP7UsuOn5VjV10/s16000/3202cc1bed257c3dc7eb636aa48c8801_XL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhouXhIPva-35sM071bVa-orLb4tfWmckNKpwJ5RERB0RXbkELmN7ocXwPBPRkRBJg-4L5KyMSF7hommlQMg44O6vT5q1S8uK3e-Ga4kK7uQdwn_hZ5nfZ-BUKvVBtJKTP7UsuOn5VjV10/s72-c/3202cc1bed257c3dc7eb636aa48c8801_XL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/blog-post_30.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/blog-post_30.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content