Header Ads

උණුසුම් පුවත්

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයිනේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2 ක් ලෙස සටහන් වී ඇති බවයි එරට ආපදා අවම කිරීමේ ඒජන්සිය නිවේදනය කළේ.

භූ කම්පනයෙන් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබාතිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සුලාවේසි දිවයිනේ මැජීන් නගරයේ සිට කිලෝමීටර් 06 ක් ඊසාන දෙසින් කිලෝමීටර් 10 ක් භූ අභ්‍යන්තරයේ මෙම කම්පනය හටගෙන තිබෙනවා.

අවදානම් කලාපවල ජීවත් වන දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂක ස්ථාන වෙත ඉවත් කර ඇති බවයි ඉන්දුනීසියාවේ ආපදා අවම කිරීමේ ඒජන්සිය සඳහන් කළේ.

සුලාවේසි ආණ්ඩුකාර කාර්යාලය ඇතුළු ගොඩනැගිලි කිහිපයකට භූ කම්පනයෙන් හානි සිදු වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙතෙක් එරට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.