Header Ads

උණුසුම් පුවත්

දුම්රිය දුරගමන් සේවා අද සිට


අද (18)  සිට දුම්රිය දුරගමන්  සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පසුගිය සති අන්තයේ නිවේදනය කළා.ඒ අනුව ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුවේ සිට මහනුවර සහ බදුල්ල දක්වා දුම්රිය ධාවනය සිදුකෙරෙන අතර උතුරු මාර්ගයේ ගල්කිස්ස සහ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වාද, මඩකලපුව මාර්ගයේ කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ද දුම්රිය ධාවනය කිරීමට නියමිතයි.එමෙන්ම, මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත දක්වා ද, දුරගමන් දුම්රිය සේවා ආරම්භ කෙරෙනවා.මෙලෙස දුරගමන් දුම්රිය සේවා ආරම්භ වන්නේ පසුගිය මාර්තු මාසයේ කොරෝනා වසංගතය හමුවේ රට හුදකලා කිරීමෙන් පසුවයි.