Header Ads

උණුසුම් පුවත්

මෙරටට ගෙන්වීමට තීරණය කර ඇති කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත

 


මෙරටට ගෙන්වීමට තීරණය කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

එම එන්නත ලබන මස මැද සිට මෙරට ජනතාවට ලබා දීමට සැලසුම් කර ඇති බවත්. එම එන්නත ජනතාවට නොමිලේ ලබා දෙන බවත්  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා ය.

මීට අමතරව කොවැක්ස් පහසුකම් හරහා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතක් නොමිලේ මෙරට ලැබෙනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවා ය.