![]() |
espncricinfo.com |
එංගලන්තයට එරෙහිව දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ලහිරු තිරිමාන්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකය ලබා ගැනීමට සමත් විය.
එංගලන්තයට වඩා ලකුණු 286ක් පිටුපසින් සිට ආරම්භ කළ ශ්‍රී ලංකා දෙවන ඉනිමට තිරිමාන්නගේ මෙම ශතකය විශාල අස්වැසිල්ලකි.
කුසල් ජනිත් ලකුණු 62කට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා සහ තිරිමාන්න අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 101කි. දිනයේ පළමු කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණිය ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය.
ගාල්ලේදී දෙරට අතර පැවැත්වන තරගයේ සිව්වෙනි දිනය අද වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමට කඩුලු 3ක් දැවී ලබා සිටින ලකුණු ගණන 195කි.
එංගලන්තය පළමු ඉනිමට ලකුණු 421ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.