Header Ads

උණුසුම් පුවත්

නාස්තිකාර පුතා ගේ දොර සියල්ල විකුණනවා වගේ වැඩක් රාජපක්ෂ පවුල සිදුකරනවා - අනුර කියයි.

 


නාස්තිකාර පුතා ගේ දොර සියල්ල විකුණනවා වගේ වැඩක් රාජපක්ෂ පවුල සිදුකරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු කියාසිටියේ විකිණීම තුළත් ඩොලර් කෝටි ගණන් එහාට මෙහාට වන බවත්  ඒවා අත්සන් කරන අවස්ථාවේදීම අත යටට  මුදල් බවත්ය.

මහව නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ දිසානායක මහතා  මෙසේද පැවැසීය.

‘‘සිංගප්පූරුව කොළඹ දිස්ත්‍රික්කයට වඩා ටිකක් ලොකුයි. ඒ රට, ආර්ථිකය උඩින් තියාගෙන අභිමානයෙන් ඉන්නවා. අපේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4000යි. .

සිංගප්පූරුවේ ඒක 40,000ත් පැනලා. අපට වඩා දස ගුණයකටත් වඩා ඒ රටේ ආර්ථිකය ශක්තිමත්. ඒ නිසා ඒ රටට ඇවිත් අරක දියන්, මේක දියන් කියලා වෙනත් රටවල් බලපෑම් ඇති කරන්නේ නෑ.

රටක අභිමානය රැඳී පවතින්නේ ඒ රට මොනතරම් ශක්තිමත්ද කියන කරුණ මතයි.

මේ සියලු ප්‍රශ්නවලට හේතුව දශක ගණනක් අපේ රට පාලනය කරපු පාලකයො අපේ රට සම්පූර්ණයෙන්ම කඩා වට්ටලා තිබීමයි.

කොළඹ වරාය නැගෙනහිර ජැටිය ලෝකෙ 24 වන තැනටයි තියෙන්නෙ. රටවල් විදිහට පෙළගැස්සුවොත් 13 වන ලොකුම වරාය අපට තියෙන්නෙ.

පිහිටීම අතිශය වැදගත් තැනක තියෙන නිසා තමයි අපේ වරායට මේ තරම් තැනක් ලැබුණෙ. අපේ වරාය ප්‍රති නැව්ගත කිරීම් මධ්‍යස්ථානයක්.