69 ලක්ෂයේ ජනවරමේ පූජනීයභාවය රැක දීමට කැප වෙනවා - ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයන් සමග විමල් අවධාරණය කරයි

 


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් සංවර්ධනය කිරීමට ගත් තීන්දුව මෙන් 69 ලක්ෂයේ ජන වරමෙහි පූජනීයභාවය රැක දෙන තීන්දු ගැනීමට ජනාධිපතිවරයාට ඇති වන යම් බාධාවන් පවතී නම් ඒවා ඉවත් ිරීමට කටයුතු කරන බව  කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු කියා සිටියේ ජනවරමට එරෙහි වන, ආණ්ඩුව තුළ හෝ පිටත සිටින කවර පාර්ශ්වයක් සමඟ හෝ ගැටීමට කිසි විටෙකත් බිය නොවී කටයුතු කිරීම ආණ්ඩුව තුළ සිටින තම පක්ෂය ඇතුළු පක්ෂ 10හි ස්ථාවරය බවයි.

තලවතුගොඩ, ප්‍රදේශයේ පැවති ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයන්ගේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

" කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ප්‍රශ්නය අපේ ආණ්ඩුවේ ස්වභාවය පිළිබඳ තීරණය කරන ප්‍රශ්නයක් බවට පත්ව තිබුණා. 2017 දී එවකට ඇමතිවරයෙකු වූ මලික් සමරවික්‍රම මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරිය සමඟ ඇතිකරගත් ගිවිසුමකින් ඉන්දියාව සමග ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘති 10ක් ඇරඹීමට එකඟත්වය පළ කොට තිබුණා.

ඉන් එක් ව්‍යාපෘතියක් තමයි කොළඹ වරායේ එක් ජැටියක් ඉන්දියාව සමග පවත්වාගෙන යාම. ඒ වගේම සාගල රත්නායක හිටපු ඇමතිවරයා 2019 දී අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට තිබුණා, එම ගිවිසුම මගින් නිශ්චිතව නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ එකතුවෙලා පවත්වාගෙන යාම සඳහා.

එවැනි තත්වයක් යටතේ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් අපේ ආණ්ඩුව බිහි වන්නේ.

ඉහත ගිවිසුම් මගින් පැවැති ආණ්ඩුව යම් බැඳීමක් ඇති කර තිබූ නිසා තමයි නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් යම්කිසි විවාදාත්මක වාතාවරණයක් හැදුණේ.

නමුත් අවසානයේ අපේ ආණ්ඩුව තීරණාත්මක නිවැරදි තීන්දුවක් ගනු ලැබුවා, කොළඹ වරායේ තිබෙන ඉතාමත් වැදගත් සහ සුවිශේෂී ලෙස ආදායම් නිපදවිය හැකි නැගෙනහිර පර්යන්තයේ අයිතිය 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් එය සංවර්ධනය කොට පවත්වාගෙන යාමට.

මෙය ඉතා වැදගත් තීන්දුවක්. මෙවැනි තීන්දුවක් ගැනීම පහසු නැහැ. මෙම තීන්දුව ගත් පසු ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය දක්වා ඇති ප්‍රතිචාර අනුව පෙනෙන්නේ ඔවුන් මෙම තත්ත්වය කැමැත්තෙන් පිළිගන්නා බවක් නොවේ.

ඒ කෙසේ වෙතත් රටේ අභිවෘද්ධිය ගැන ජනාධිපතිතුමන් මේ අසීරු සහ අභියෝගාත්මක තීරණය අරගෙන තිබෙනවා. ඒ පිළිබඳව අපි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් විදියට ජනාධිපතිතුමන්ට අපගේ කෘතවේදීත්වය සහ  ගෞරවය පළ කර සිටිනවා.

වැඩිදුරටත් අදහස් දක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය.

කවුරුත් සිතිය යුතු නැහැ අපි කවර පාර්ශ්වයක හෝ දේශපාලන වහලුන් කියා. අපේ මේ හැම පක්ෂයකටම ස්වාධීනත්වයක් සහ අනන්‍යතාවක් තිබෙනවා. අපි 69 ලක්ෂයේ ජනවරම ආරක්ෂා කිරීමට කැප වන දේශපාලන පක්ෂයි. එය තමයි අපේ පක්ෂවල ප්‍රමුඛතාව.

ඒ හැර වෙන කිසිම දෙයකට අපි ප්‍රමුඛතාව දෙන්නේ නැහැ.

මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති ධුරයට පත් කිරීමෙන්, පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දීමෙන් ආණ්ඩුව පිළිබඳ තබා ඇති බලවත් අපේක්ෂාවන් ඉෂ්ට කිරීමට ජනාධිපතිතුමන්ට යම් බාධාවක් තිබෙනවා නම් ඒවා ඉවත් කර දීමට අපි සූදානම්.

ජන වරමට එරෙහි වන ආණ්ඩුව තුළ හෝ පිටත සිටින කිසිදු පාර්ශ්වයක් සමග ගැටීමට අපි බිය විය යුතු නැහැ. මෙම පක්ෂ දහයේ ස්ථාවරය එයයි.

අපි වගකියන්නේ අන් කවරකටත් වඩා ලැබී ඇති ජනවරමටයි. මේ රටේ පොදු ජනතාව මහා අපේක්ෂාවන් දල්වා ගෙන කවර අවස්ථාවකදීවත් නොකළ ආකාරයට මේ ආණ්ඩුවට 2/3 ක බලයක් ලබාදී තිබෙනවා. .

මේ ආණ්ඩුව ගැන එතරම් විශ්වාසයක් තැබූ ජනතාවකගේ අරමුණු හා පරමාර්ථ නළලේ මුදුනේ තබාගෙන යන මාර්ගයකයි අපි ගමන් කරන්නේ.

ඒ මහජන අපේක්ෂාවන් හා පරමාර්ථයන් යථාර්ථයක් බවට පත් කිරීමට අපි සියලුදෙනා කැප වන බවට සපථ කරනවා. නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයේදී මැදිහත් වූ ආකාරයටම 69 ලක්ෂයේ ජනවරමේ පූජනීයභාවය රැක දීමට අපි ඇප කැප වන බව ද අවධාරණය කරනවා."

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර,  ලංකා සම සමාජ පක්ෂය ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග යන පිරිස මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.




Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: 69 ලක්ෂයේ ජනවරමේ පූජනීයභාවය රැක දීමට කැප වෙනවා - ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයන් සමග විමල් අවධාරණය කරයි
69 ලක්ෂයේ ජනවරමේ පූජනීයභාවය රැක දීමට කැප වෙනවා - ආණ්ඩුවේ පක්ෂ 10ක නායකයන් සමග විමල් අවධාරණය කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9dq1VONphe9cAe26mCy9btRgvEMU7r1XiC2V_UeLX-K4zUGCPiuBfhJW6eUHlqmGa710DvLiq2H_GbvYIHj4AxfQZhJDvmOjpAQCPERs-lFNnXdVdNJnMs2pC_s6zL9o6VAPnMWlzGcDz/s16000/7M8A0712.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9dq1VONphe9cAe26mCy9btRgvEMU7r1XiC2V_UeLX-K4zUGCPiuBfhJW6eUHlqmGa710DvLiq2H_GbvYIHj4AxfQZhJDvmOjpAQCPERs-lFNnXdVdNJnMs2pC_s6zL9o6VAPnMWlzGcDz/s72-c/7M8A0712.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/04-wimalweerawansha-tenpartiesleaders-press.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/04-wimalweerawansha-tenpartiesleaders-press.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content