ඩී.එස් සේනානායක ශ්‍රීමතාණන් 1948 අදවන් දිනකදී අධිරාජ්‍යවාදීන්ගෙන් මාතෘ භුමිය නිදහස් කර ගනිමින් ලබා දුන් නිදහස වෙනුවෙන් කෘතගුණ දැක්වීම, ජාතියක් ලෙස ශ්‍රී ලාංකික අපගේ යුතුකම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ නිදහස් චතුරස්‍රයේ පිහිටි ඩී.එස් සේනානයක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.
කන්ද උඩරට ගිවිසුමින් මේ රට පවා දුන් රාජතාන්ත්‍රික ගිවිසුමින් පසු මෙරට රාජතාන්ත්‍රික වශයෙන් ස්වදේශික ජන නායකයින් අත්සන් කළ ප්‍රථම ගිවිසුම මෙරට නිදහස උරුම කර දුන් නිදහස් ගිවිසුම බවත් එම ගිවිසුම එදා අත්සන් තබන්නේ එක්සත් ජාතික පක්ෂ නායක ඩී.එස් සේනානායක ශ්‍රීමතානන් බවත් නියෝජ්‍ය නායකවරයා පැවසීය.
මේ අවස්ථාවට මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් රැසක් එක්ව සිටියා.