Header Ads

උණුසුම් පුවත්

ගම වගේම ජනතාවගේ ජීවිතද සුන්දර කිරීම මගේ අරමුණයි - ජනපති මීමුරේදී කියයි.

ගම සමඟ පිළිසඳර 10 වන වැඩසටහන  මීමුරේ ග්‍රාමයේදී  මේ මොහොතේ දී පැවැත්වෙනවා.

ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,මැති ඇමතිවරු සහ රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන්.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් අද මීමුරේට පැමිණෙන බවට පූර්ව දැනුම්දීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තුල විවිධ අදහස් සංසරණය වූ බවයි.

එහිදී බොහෝ දෙනා මීමුරේ විනාශ කිරීමට පැමිණෙනවා යනුවෙන් සඳහන් කර තිබූ බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

වත්මන් රජයේ එවැනි අරමුණුු නොමැති බව පැවසු ජනාධිපතිවරයා ගමේ උපන් මිනිසුන් ගමට ආදරේ බවද පැවසුුුුවා.

රජයේ අරමුණ මෙම සුන්දර ගම්මානයේ ජනතාවගේද ජීවිත සුන්දර කිරීම බවද ජනාධිපතිවරයා ගම් වාසීන් අමතමින් කියා  සිටියා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ දායකත්වයෙන්  ක්‍රීඩා පිටියක්  සහ ගොඩනැගිල්ලක් පාසලට ලබා දෙන බවද පැවසූ ජනාධිපතිවරයා,රුකියා ලක්ෂයේ වැඩසටහන යටතේ පළමු අදියරයේදී රැකියා හිමවූවන් පිළිබඳවද රාජ්‍ය නිළධාරීන්ගෙන් විමසුවා.

වැඩසටහන මේ වන විටත් මීමුරේ ග්‍රාමයේදී පැවැත්වෙනවා.