Header Ads

උණුසුම් පුවත්

රට වෙන්දේසිලන්තයක් කරලා - විපක්ෂ නායක

මෙරට ඉතිහාසයේ වඩාත් සීඝ්‍රයෙන් දේශීය සම්පත් අලෙවිකරණ රජය වත්මන් රජය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සුන්දර මාතෘ භූමියක් බිහිකරන බවට පැවසුවද අද වන විට රට වෙන්දේසිලන්තයන් බවට පත් කර ඇතැයිද ඔහු කියා සිටියා.

34 වැනි "සත්කාරය" විපක්ෂ නායක ජංගම සේවයට ඊයේ (13) එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළා .

එය  ලුණුගම්වෙහෙර ප්‍රාදේශීයසභා ක්‍රීඩාංගනය ඉදිරිපිටදී පැවැත්වුනා.

මෙහිදී ජනතාවගේ නිවාස  ගැටළු පිළිබඳව යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කලේ රටේ ක්‍රියාත්මක වූ නිවාස වැඩසටහන මේ වන විට වත්මන් රජය සම්පූර්ණයෙන්ම අඩපන කර ඇත බවයි.

සමගි ජන බලවේග රජයක් යටතේ මෙරට  ගොවියාට යහපත් හෙටක් බිහිකිරීමට තමන් බලාපොරොත්තු වන බව පැවසූ ප්‍රේමදාස මහතා ගොවි ජනතාව වෙනුවෙන් තමන් එදා මෙන් අදත් පෙනි සිටින බව පැවසීය.