දිවයිනම ආවරණය වනපරිදි ඊයේ (13) දිනයේ විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
එහිදී අත්අඩංගුවටගෙන ඇති සංඛ්‍යාව 3,880 ක් වන අතර ඉන් පුද්ගලයින් 672ක් විවිධ වැරදි සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
මෙයට අතරව වරෙන්තු නිකුත් කරඇති 1,572ක්, විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි පුද්ගලයින් 127ක්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 983ක්, නීති විරෝධී ගිනිඅවි ළඟතබා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු සහ ගිනිඅවි 8ක් සහ බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 518 දෙනෙකු එහිදී අත්අඩංගුවටගෙන තිබේ.
පොලිස් ස්ථාන 494ක නිලධාරීන් 16,894ක් සහ පොලිස් නිල සුනඛයින් 60ක් ද මෙම මෙහෙයුම් සඳහා සම්බන්ධ කරගෙන තිබූ බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
අධිකරණය මගින් නිකුත් කළ බැඳුම්කරයකට, ඇප නියෝගයකට, සිතාසියකට හෝ නොතීසියකට පටහැනිව යම් අයෙකු කටයුතුකර තිබේ නම් ඒ අයට වරෙන්තු නිකුත් කෙරෙන බවත් එවැනි අවස්ථාවක ඔවුන් වහාම මෝසමක් මගින් අධිකරණයට භාරවීම හෝ පොලීසියට භාරවීම කළයුතු බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි වැඩිදුරටත් සහන් කළා.