Header Ads

උණුසුම් පුවත්

ඡන්දහිමි නාමලේඛණයේ අභියාචනා විභාග කිරීම ඇරඹෙයි.

2020 වසරට අදාල  ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් තිබෙන අභියාචනා විභාග කිරීම ආරම්භ කර තිබෙනවා.

දිස්ත්‍රික් සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් අභියාචනා විභාගය සිදු කෙරෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ අනුව 2020 ඡන්ද හිමි නාම ලේඛනය සම්බන්ධයෙන් ලැබුණු හිමිකම් හා විරෝධතා සලකා බැලීම ලබන මාර්තු මස 05 වැනිදා දක්වා සිදුකෙරේ.

2020 ඡන්ද හිමි නාම ලේඛනය ලබන අප්‍රේල් 30 වැනිදාට පෙර සහතික කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.