Header Ads

උණුසුම් පුවත්

වැල්ලවත්තේ ඉදිකෙරෙන ගොඩනැඟිල්ලකින් වැටී පුද්ගලයෙක් මරුට

වැල්ලවත්ත අංක 17 හැම්ඩීන් පටුමග ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් ඊයේ (13) රාත්‍රී 7.40ට පමණ පුද්ගලයෙකු වැටී තිබේ.

ඔහුව කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසුවා.

අදාළ පුද්ගලයා එම ගොඩනැඟිල්ලේ  ඉදිකිරීම්   සේවයකයෙකු නොවන බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

කොළඹ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ වැල්ලවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.