ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව සිදුකරගෙන යනු ලබන ප්‍රජා සත්කාර වැඩසටහන් අතරින් එක් වැඩ සටහනක් ලෙස ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු ඒකකයේ ශ්‍රම දායකත්වයෙන් හා මීරිගම ගුවන් හමුදා කඳවුරේ මෙහෙයවීමෙන් ගම්පහ රජයේ රෝහලේ ඉදිකෙරුණ කොරෝනා රෝගීන් සඳහා නව දැඩිසත්කාර ඒකකය හා සායනික බෙහෙත් ශාලාව ඊයේ (13) වන දින ජනතා අයිතියට පැවරීම සිදුවුනා.
ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකතුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන ලද මෙම නව දැඩිසත්කාර ඒකකය හා සායනික බෙහෙත් ශාලාව ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව සඳහා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු සේවා ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරී එයාර් කොමදෝරු උදුල විජේසිංහ මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ප්‍රසන්න කුරුවිට මෙන්ම ගම්පහ රජයේ රොහලේ වෛද්‍ය හා රෝහල් කාර්ය මණ්ඩයේ පිරිසක් සහභාගී වුනා.