නාවික හමුදාව යාපනය උඩුත්තුරෙයි සහ මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයන්හී ඊයේ දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින් කිලෝග්‍රෑම් 16 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ගයෙන් සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව සිදුකරණ මෙහෙයුම් මගින් යාපනය උඩුත්තුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී උඩුත්තුරෙයි වෙරළට පැමිණි සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර සිදු කළ පරීක්‍ෂාවේදී එම යාත්‍රාවෙන් රැගෙනවිත් සැඟවීමට උත්සාහ කළ පාර්සල් 05 ක අසුරන ලද කේරළ ගංජා කිලෝ 11 ග්‍රෑම් 905 ක් සහ සැකකරුවන් දෙදෙනෙක් (02) යාත්‍රාව ද සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.
තවද, උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම උප්පුකුලම් ප්‍රදේශයේ එදිනම සිදු කළ තවත් සෝදිසි මෙහෙයුමකදී අලෙවි කිරීමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝ 04 ග්‍රෑම් 460 ක් සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගන්නා ලදි.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 05 කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ
සැකකරුවන් වයස අවුරුදු 25 ත් 40 ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව සහ මන්නාරම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හදුනාගත් අතර, අදාල සැකකරුවන්, කේරළ ගංජා හා ඩිංගි යාත්‍රාව ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා පලෙයි සහ මන්නාරම පොලිස් ස්ථාන වෙත භාර දීමට කටයුතු කෙරිණි.