AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීරගත කරනවද? මෙන්න ඇත්ත.

 


AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීර ගත කරනවද?

මේ සඳහා සරලම උත්තරය තමා නැහැ කියන එක!

මෙහිදී සිදු කරන්නේප්‍රතිශක්තිකරණ පද්ධතිය අනාගතයේ දිනක වෛරසය ශරීර ගත වුවහොත් එය පහසුවෙන් හඳුනාගෙන විනාශ කිරීමට ඇති හැකියාව වර්ධනය කරවීමයි. COVID19 වෛරසය හඳුනා ගැනීමට ඇති වඩාත්ම සුදුසු ක්‍රමය එම වෛරසය මතුපිට ඇති, එයටම අවේනික වූ ප්‍රෝටීන කොටසක් (spike protein) මඟිනි.

මෙම එන්නත තුළ අන්තර්ගත වන්නේ ChAdOx1 නමැති වාහක වෛරස අණුවකි. මෙමගින් මිනිසුන් තුළ කිසිම රෝගී තත්ත්වයක් ඇතිකල නොහැකි අතර, මෙහි අන්තර්ගත DNA කොටසක් මගින් ලබාදෙන සංඥාවකට අනුව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට අදාළ ප්‍රෝටීන කොටස අප ශරීරය තුළම නිර්මාණය වේ.

ඒත් සමගම ක්‍රියාත්මක වන අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මෙම Spike protein කොටස හඳුනා ගැනීමටත් විනාශ කිරීමටත් පටන් ගැනෙනවා. මෙසේ ප්රෝ ප්‍රෝටීන කොටස නිශේධනය කිරීම සිදු කරනු ලබන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් spike ප්‍රෝටීන එරෙහිව අලුතින් නිපදවූ විශේෂිත ප්‍රතිදේහ මඟින්. මෙය නියමාකාරව සිදු වීමට සති දෙකක, තුනක පමණ කාලයක් ගතවනවා.

 දෙවන එන්නත.

මේ සඳහා දෙවන එන්නත් මාත්‍රවක්ද ලබා දීමෙන් පසු මෙම ක්‍රියාවලිය යළිත් වරක් ක්‍රියාත්මකවී, ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක් අපගේ ශරීර තුළ නිර්මාණය වනවා. මෙය ශරීරය තුළ කොරෝනා වෛරසයට එරෙහිව ආයුධ ගබඩාවක් සකස් කර තැබීම වැනි ය.

සරලව කිව්වොත් මෙම ක්‍රියාවලිය අපගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ වෛරසයට සමාන ව්යුහමය කොටසක් අතර ඇතිවන කුඩා සටනක ස්වරූපයක් ගනී.

අප බොහෝ දෙනෙක් අසා ඇති එන්නත්කරනයෙන් පසු ඇතිවන සුළු අතුරු ආබාධ වලට හේතුව වන්නේද මෙයයි. එම නිසා ඔබ ශරීරය තුල සිදුවන ප්‍රතිදේහ ජනනය කිරීමේ ක්‍රියාවලිය අසුබදායක දෙයක් ලෙස නොදැක එය එම ක්‍රියාවලියේ වැදගත් අංගයක් ලෙස හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

මේ විදියට එන්නත් කරනයට ලක් වුනු කෙනෙකුට, අනාගතයේ දිනයක කොරෝනා වෛරසය ශරීර ගත වුවහොත්, වෛරසයට එරෙහිව ප්‍රතිදේහ තමාගේ ශරීරය තුල දැනටමත් පවතින නිසා, මෙම ප්‍රතිදේහ මගින් කොරෝනා වෛරසය මතුපිට ඇති spike ප්රෝටීනය ඉතා ඉක්මනින් හඳුනාගෙන මුළු වෛරසයම ඉතා ඉක්මනින් සහ පහසුවෙන් විනාශ කර දමයි.

ඔබ සන්නද්ධ වුනු මෙම නව දැනුම තවත් අය සමඟ බෙදාගෙන කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීමේ කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන්න..

 

මූලාශ්‍රය - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීරගත කරනවද? මෙන්න ඇත්ත.
AstraZeneca එන්නත මගින් corona වෛරසය ශරීරගත කරනවද? මෙන්න ඇත්ත.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtO8dtsUkimKdxNbLS5941efOjx264572OQlADk177tsq6GuyapAYUNRmr-02zxqk1Hl7_G13OUZMTZsO0s_sxE3QfxKBqKvjGobg12dz6Zfxt6uvUEWMGmFsuF7qO1flS0_3OZKiuL1Pz/s16000/depositphotos_355929972-stock-photo-girl-white-shirt-medical-mask.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtO8dtsUkimKdxNbLS5941efOjx264572OQlADk177tsq6GuyapAYUNRmr-02zxqk1Hl7_G13OUZMTZsO0s_sxE3QfxKBqKvjGobg12dz6Zfxt6uvUEWMGmFsuF7qO1flS0_3OZKiuL1Pz/s72-c/depositphotos_355929972-stock-photo-girl-white-shirt-medical-mask.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/28-covid19-vaccine-truestory.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/28-covid19-vaccine-truestory.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content