විධිමත් ආන්ත්‍රණයක් යටතේ ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දීමය
තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එහි නායක අනුර කුමාර දිසානායක පැවසුවේ තම පක්ෂය කිසිදා ජනතා දේපල කොල්ලකා
නොමැති බවයි.
දේශපාලන පළිගැනීම් පිළිබඳ වාර්තාව වත්මන් රජය මේවන තෙක් ඉදිරිපත් නොකිරීම
පිළිබඳ අද (28) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්
ඔහු මේ බව කියා සිටියේය.
ආණ්ඩුව බලයට පත්වී කෙටි කලක් තුල මෙම ජනාධිපති කොමිසම් සභාව පිහිටුවීම
සිදුකලද එහි ප්‍රථිපල තවමත් ප්‍රකාශයට පත් කර නැති බවයි.
2020 දෙසැම්බර් 08 වන දින අදාල කොමිසම් සභාව වාර්තාව ජනාධිපතිවරයා වෙත
භාරදුන් බව පැවසූ දිසානායක මහතා ඉන් සති දෙකකට පසු එම වාර්තාවට ඌණ පූර්ණයන් එකතු
කරමින් තවත් පිටු 40 ක පමණ වාර්තාවක්ද භාරදුන් බව පවසයි.
මෙය සාමාන්‍ය ක්‍රියාවලියට මුලුමනින්ම විරුද්ධ ක්‍රම වේදයක් බවද ඔහු පෙන්වා
දෙනු ලබයි.
එසේම කොවිඩ් එන්නත ලබා දීමේ ජාතික එන්නත් කිරීමේ සැලැස්මද වත්මන් ආණ්ඩුව බිඳ වට්ටවා
ඇතැයිද දිසානායක මහතා කියාසිටී.
ඔහු කියා සිටින්නේ ප්‍රභූවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම ක්‍රියාවලියට
සම්බන්ධ වෙමින් අදාල ප්‍රමුඛතා පිළිවෙල විනාශ කර ඇති බවත් ජනතා මනාපයෙන් පත්වී
සිටින මොවනු ජනතාව මරණයෙන් ගලවා නොගෙන තමන් මරණයෙන් ගැලවීමට උත්සහ කිරීම අශිෂ්ඨ
සම්පන්න ක්‍රියාවක් බවත් ය.




