රට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් 3820ක් දිවයිනට


ජනවාරි 21 දින සිට රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු ගතවූ කාලය ඇතුළත සංචාරකයෝ 3820ක් දිවයිනට පැ‍මිණතිබෙනවා.

ඔවුන්ගෙන් වැඩිම පිරිස පැමිණ ඇත්තේ යුක්රේනයෙනි.එම සංඛ්‍යාව 1374කි.කසකස්ථානයේ සංචාරකයන් 526ක් මේ වනවිට පැමිණ තිබෙන අතර මීළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි.එම ගණන 443කි.

සංචාරකයන්ට රට විවෘත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී  (16) පැවති රැස්වීමකදී මේ බව අනාවරණය විය.

මේ වනවිට නව ගුවන් සම‍ාගම් 05ක් ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බවද මෙහිදී අනාවරණය විය.ෆලයි ඩුබායි,එයා ඇරේබියා ,සලාම් එයාර්, ජසීරා, ගල්ෆ් එයා යන ගුවන් සමාගම් මෙලෙස ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.ඉන් ගුවන් සමාගම් 03ක් දැනටමත් ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇතැයිද මෙහිදී අනාවරණය විය.එයා ඇරෙබියා, ෆලයි ඩුබායි හා සලාම් එයාර් එම ගුවන් සමාගම් වෙයි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියේ සෙසු ගුවන් සමාගම් සමගද ශ්‍රී ලංකාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට දින යොදා ගෙන ඇති බවයි. කටුනායක මෙන්ම මත්තල ගුවන්තොටුපල කේන්ද්‍ර කර ගනිමින් මෙම ගුවන් ගමන් ආරම්භ කරන බව ඇමතිවරයා මෙහිදී කීවේය.

කටුනායක හා මත්තල ගුවන්තොටුපල මඟින් සංචාරකයන් පැමිණීමේදී ඔවුන්ට කිසිදු බාධාවක් ඇති නොවන පරිදි අඳාල වැඩපිලිවෙල සකස් කර ඇතැයිද කටුනායක

ගුවන්තොටුපල බලධාරීහූ මෙහිදී කියා සිටියහ.ගුවන්තොටුප‍ලේදී සංචාරකයන් හා මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ වීම වැලැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් යලි යලිත් අවධානය යොමු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් වහාම ආරම්භ කරන ලෙසද ඇමතිවරයා මෙහිදී සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.ශ්‍රී ලංකාව ආකර්ශණීය සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව කොවිඩ් සුරක්ෂිත රටක් යන්නද ඉස්මතු වන පරිදි මෙම ප්‍රවර්ධන වැඩපිලිවෙල සකස් කරන ලෙසද ඇමතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට සංචාරක අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ.චන්ද්‍රසිරි යන මහත්වරුද සහභාගී වූහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් 3820ක් දිවයිනට
රට විවෘත කිරීමෙන් පසු සංචාරකයන් 3820ක් දිවයිනට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8Cf0ro6Y7EUo7nYCBvRh2UCEEMklXsxwKViNvjgFsKG2aCRhdzj6zNYQg-qAGTzq2F077dPx3nze7vKuMpYLgX2jgYdJ1k9EcWYRl3pAm_sRhyphenhyphenJ0PGYOtBUCExjZqs9Yw-e3wJ-I6Wq0/s16000/Colombo-airport-katunayake-lg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi8Cf0ro6Y7EUo7nYCBvRh2UCEEMklXsxwKViNvjgFsKG2aCRhdzj6zNYQg-qAGTzq2F077dPx3nze7vKuMpYLgX2jgYdJ1k9EcWYRl3pAm_sRhyphenhyphenJ0PGYOtBUCExjZqs9Yw-e3wJ-I6Wq0/s72-c/Colombo-airport-katunayake-lg.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/3820.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/3820.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content