Header Ads

උණුසුම් පුවත්

ලබන මාර්තු 01 සිට දෛනිකව ලක්ෂ 06 කට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සැලසුම්


ලබන මාර්තු 01 සිට දෛනිකව ලක්ෂ 06 කට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසුවා.

ඊට අදාළ මූලික යටිතල පහසුකම් මේ වනවිටත් සකස් කරමින් ඇතැයි, ඔහු සඳහන් කළා.

එන්නත් මාත්‍රා තොග මෙරටට ලැබෙන ප්‍රමාණ අනුව එම කරුණු වෙනස් විය හැකි බවයි ලේකම්වරයා සඳහන් කළේ.

ලබන මාර්තු 01 වැනිදා සිට දිවයිනේ මධ්‍යස්ථාන 4,000 කදී කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට නියමිතයි.

මේ අතර වෛද්‍ය සහ හෙද සිසුන් ඇතුළු පාර්ශව රැසකට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

විවිධ පාර්ශව කරන ලද ඉල්ලීම් සලකා ඒ පිළිබඳ අධ්‍යනය කරමින් ඇති බවයි කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ.

ඒ සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවා.