Header Ads

උණුසුම් පුවත්

පාස්කු කොමිසමෙන් ඥානසාර හිමිට අපරාධ චෝදනා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසම බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වග උත්තරකරුවකු ලෙස නම් කර අපරාධ චෝදනා නැගීමට යෝජනා කර ඇති බව "The Morning" පුවත්පත වාර්තා කර තිබුණා.

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින මෙරට ප්‍රධාන පෙළේ කතෝලික දේවස්තාන කීපයක් හා තරු පන්තියේ හෝටල් කීපයක් කේන්ද්‍ර කරගෙන එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබද විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂමේ අවසාන වාර්ථාවේ ඥානසාර හිමියන් පිළිබඳ මේ යෝජනාව අන්තර්ගත කර ඇත