Header Ads

උණුසුම් පුවත්

ඇකිරිය ප්‍රදේශයේ සුළු භූ චලනයක්



මඩොල්සිම ඇකිරිය  ප්‍රදේශයේ අද (12) අලුයම භූ චලනයක් සිදුව තිබේ. 

අද අලුයම 4.53 ට පමණ මෙම භූ චනලය වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ණෂ සහ පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසීය.

එය ඉතා සුළු කම්පන තත්ත්වයක් බවත් රිච්ටර් මාපකයේ ඒකක 1ටත් වඩා අඩුවෙන් එය සටහන් වී ඇති බවත් ඒ මහතා පවසයි.

අප වාර්තාකරු සඳහන් කළේ මීට පෙර අවස්ථා දෙකකදී ද මෙම ගම්මානය ආශ්‍රිතව භූ චලනයන් ඇතිව තිබූ බවය.