පෙබරවාරි, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාසවල පොකිරිස්සන් බිත්තර දමන අවදිය බැවින් එම මාසවල පොකිරිස්සන් ඇල්ලීම සදහා බලපත්‍ර ලබානොදෙන බව ගාල්ල දිස්ත්‍රික් දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරිමේ සංවර්ධන කමිටු රැස්වීමේ දි අනාවරණය වුණා.
එම මාසවල පොකිරිස්සන් මහ මුහුදේ බීජ දමන බවට නාරා ආයතනය මගින් කළ පර්යේෂණයකදි අනාවරණය වී ඇති බව ධීවර අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මෙම රැස්විමට එක්වෙමින් සඳහන් කළා.
එක් පොකිරිස්සකු පැටව් ලක්ෂයක් පමණ දමන බව සදහන් කළ ඒ මහතා බිත්තර දමන අවදියේ දී පොකිරිස්සන් ඇල්ලිම සඳහා බලපත්‍ර ලබානොදෙන බවද ඒ මහතා පැවසුවා.
කටු පොකිරිස්සන් වර්ග 07ක් හා ස්ලිපර් පොකිරිස්සන් වර්ග 04ක් ඇල්ලිම සදහා අවසර ලබාදි ඇති අතර පොකිරිස්සන් අපනයනය කරන බවද මෙම රැස්විමේ දි අනාවරණය වුණා.