Header Ads

උණුසුම් පුවත්

චීනය තුළ BBC විකාශන කටයුතු තහනම් කරයි

චීනය තුළ BBC ලෝක සේවයේ වැඩසටහන් විකාශය කිරීම තහනම් කර තිබෙනවා.

කොවිඩ් වෛරසය සම්බන්ධ වාර්තාකරණයේදී BBC විසින් අසත්‍ය කරුණු පළකර ඇති බවයි චීනයේ චෝදනාව වී ඇත්තේ.

එමෙන්ම තවත් වසරක පමණ කාලයක් යනතුරු මෙම තහනම ඉවත් නොකරන බවද චීනය සඳහන් කර තිබෙනවා.

චීනයට අයත් ප්‍රධාන පෙලේ රූපවාහිනී නාලිකාවක් වන CGTN නාළිකාව මහා බි්‍රතාන්‍යය තුළ විසුරුවා හැරීම තහනම් කිරීමෙන් පසු චීනය විසින් මෙම තීරණය ගැනීමද විශේෂතත්වයක් වනවා.