Header Ads

උණුසුම් පුවත්

කොළඹ අධිකරණවල රියැදුරු බලපත්‍ර ගොඩ ගැසෙයි

කොළඹ අධිකරණවල රියැදුරු බලපත්‍ර 20,000කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.

ඒ, රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) හමුවේදීයි.

දඩ මුදල් ගෙවා රියැදුරු බලපත්‍රය යළි ලබා නොගෙන ඒ වෙනුවට ව්‍යාජ රියැදුරු බලපත්‍ර භාවිත කිරීම හේතුවෙන් මෙසේ රියැදුරු බලපත් ගොඩගැසී ඇති බවයි ඔහු සඳහන් කළේ.