මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 223දෙනෙකු අද (22) දිනයේ දී හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 80222 දක්වා ඉහළ ගොස් ඇත.
දිවුලපිටිය, පෑලියගොඩ කොවිඩ් 19 පොකුරේ හා බන්ධනාගාර කොවිඩ් 19 පොකුරෙන් වාර්ති ළුී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව76146 කි.
ඉන් ආසාදිතයින් 75110දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 4667දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 445කි.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ වන විට සිදු කර තිබෙන එන්නත් ගණන 354,352ක්.





