අමෙරිකාවේ ඩෙන්වර් ගුවන් තොටුපොළේ සිට හොනොලුලු බලා පිටත් වූ "යුනයිටඩ් එයාර්ලයින්" ගුවන්සේවයේ ගුවන් යානයක දකුණු එන්ජිම පසුගිය 20 වන දා ගිනිගෙන ක්‍රියාවිරහිත වී තිබේ.
යුනයිටඩ් ෆ්ලයිට් 328 ගුවන්යානයේ ඒ වනවිට මගීන් 231 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 10 දෙනෙකු සිට තිබෙන අතර ගුවන් නියමුවා ගේ දක්ෂතාව මත නිරුපද්‍රිතව යානය ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට නැවත ගොඩබෑමට හැකිව තිබේ.
ගුවන් නියමුවා විසින් යානය ඩෙන්වර් ගුවන්තොටුපළ වෙත ආපසු ගෙනඒමේදී එහි සුන්බුන් අසල පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයක තැන් කිහිපයකටම විසිරී තිබී ඇති අතර වාහන හා නිවාස රැසකට හානි සිදුවී ඇතිබවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, ඇමරිකා එක්සත් ජනපද ගුවන්යානා නිෂ්පාදක බෝයිං සමාගම විසින් 777 මාදිලියේ ගුවන් යානා සියල්ලම සේවාවෙන් ඉවත්කිරීමට නිර්දේශ කර තිබේ. පරීක්ෂණ සිදුකරන තුරු ජෙට් යානා 128 ක් අත්හිටුවිය යුතු බව එහි සඳහන් ය.
"ප්‍රට් ඇන්ඩ් විට්නි 4000-112 එන්ජින් වලින් ක්‍රියාත්මක වන යානා පිළිබඳව පරීක්ෂණයක් සිදු වෙමින් පවතින අතර, සේවාවේ පවත්නා ගුවන් යානා 69 ක් සහ තවමත් සේවයේ යොදවා නොමැති යානා 59 ක් අත්හිටුවීමට අප නිර්දේශ කළෙමු" යනුවෙන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ෆෙඩරල් ගුවන් සේවා අධිකාරියට (FAA) අනුව, බෝයිං 777 මාදිලියේ ගැවන්යානා පියාසර කරන එකම එක්සත් ජනපද ගුවන් සේවය "යුනයිටඩ් එයාර්ලයින්" වන අතර ඉතිරිය ජපානයට සහ දකුණු කොරියාවට අයත් බවයි වාර්තාවන්නේ.
යුනයිටඩ් එයාර්ලයින්ස් සහ ජපානයේ ප්‍රධාන මෙහෙයුම්කරුවන් දෙදෙනා පසුගිය සෙනසුරාදා අක්‍රීයවූ එම වර්ගයේ එන්ජින් සහිතගුවන් යානා 56 ක් භාවිතා කිරීම දැනටමත් නතර කර ඇත. එම වර්ගයේ ගුවන් යානා 16 ක් හිමි කොරියාන් එයාර් සමාගම සිය බෝයිං 777 ජෙට් සඳහා පියවරක් ගැනීම පිළිබඳව දකුණු කොරියානු ගුවන්සේවා නියාමකයින්ගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බව පවසා ඇත.
- BBC ඇසුරෙන්
![]() |
Creator: HAYDEN SMITH/@speedbird5280 | Credit: via REUTERS |






