Header Ads

උණුසුම් පුවත්

ගිලන්රථ සේවකයින්ටත් කොවිඩ් එන්නත ලබාදෙයි

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත තවත් පුද්ගලයින් 75,000කට පමණ ලබාදීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

ඊයේ (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේ දී ගිලන්රථ සේවකයින් ඇතුළු කොවිඩ් රෝගීන් හා සමීපව කටයුතු කරන සෞඛ්‍ය කේෂ්ත්‍රයේ නියැලෙන පිරිසට ද කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කරන බවයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේ.