Header Ads

උණුසුම් පුවත්

පාසල් අධ්‍යාපනය සඳහා අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක්


පාසල් අධ්‍යාපනය සඳහා අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ, අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවැති අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් වී තිබෙනවා.

අපරාධ නීති පද්ධතිය ප්‍රතිසංවිධානය කිරීමට සමගාමීව ළමයින් සම්බන්ධව පනවන නීතිරීති සංශෝධනය කිරීමට මෙහිදී යෝජනා වී තිබෙන බවයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ.

අධිකරණ කටයුතු පිළිබඳව වූ උපදේශ කාරක සභාවේ යෝජනා සම්බන්ධයෙන් මාස 02ක් ඇතුළත වාර්තාවක් සකස් කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා.