ඊයේ දිනට පමණක් යතුරු පැදි සොරකම් කිරීම් 06ක් සම්බන්ධයෙන් වාර්තා වී ඇත.
මේ දිනවල යතුරුපැදි සොරකම්වල ප්‍රවණතාවක් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.
යතුරුපැදි ගාල් කිරීමේදී නිරන්තරයෙන් ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ගල්නෑව පොලිස්වසමේ නෑගම ප්‍රදේශයේ දී සොරකම් කරන ලද යතුරුපැදි මිලටගෙන කොටස් කර විකුණන ස්ථානයක් පොලීසිය විසින් හඳුනා ගෙන ඇති අතර සිද්ධියට අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඊයේ (27) කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
එම ස්ථානයේ තිබී යතුරුපැදි ලියාපදිංචි අංක තහඩු 23ක්, අමතර කොටස් වර්ග 17ක්, යතුරුපැදි චැසි දෙකක් සහ එක් යතුරුපැදි එන්ජිමක් සොයාගත් බව අජිත් රෝහණ මහතා සඳහන් කරයි.




