Header Ads

උණුසුම් පුවත්

රුපියල් ලක්ෂ 18ක් වටිනා කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට


යාපනයේ සිට දෙමටගොඩ දක්වා මොටර් රථයක රහසිතගව ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (05) වවුනියාව කුරුඳුපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව යුධ හමුදා බුද්ධි අංශය හා කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් සමඟ කේරළ ගංජා කිලෝ 18ක් මෙලෙස අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිසිය වෙත බාරදී තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 43ත් 48ත් වන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට මූලික පරික්ෂණ වලදී හඳනාගෙන ඇති අතර ඔවුන් අද (06) වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය රුපියල් ලක්ෂ දහඅටකට අධික විය හැකි බවයි පොලිසිය පැවසුවේ.

වැඩිදුර පරික්ෂණ වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලිසිය පවත්වනවා.