Header Ads

උණුසුම් පුවත්

“රුසියා – චීන එන්නත් මෙරට භාවිතය තවමත් අධ්‍යයන මට්ටමේ” – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

 

කොවිඩ් මර්ධනය සදහා රුසියාව සහ චීනය විසින් නිෂ්පාදනය කරන එන්නත් මෙරට භාවිතය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත යොමු කළ ලියවිලි මේ වන විටත් අධ්‍යයන මට්ටමේ පවතින බව රජය පවසනවා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි භාවිතය සදහා අනුමැතිය හිමි වුවද රුසියාව සහ චීනය විසින් නිෂ්පාදිත එන්නත් සදහා මෙතෙක් ලෝකයේ පිළිගත් ආයතන විසින් අනුමැතිය හිමි නොවීම නිසා එම එන්නත් මෙරට ලියාපදිංචි කර ගෙන්වීමට ප්‍රමාද වනු ඇති බවයි කොවිඩ් මර්ධන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියේ.

ඒ අනුව එම එන්නතේ පර්යේෂණ ප්‍රතිඵල සම්බන්ධ තොරතුරු සළකා බලා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසර ලැබීමෙන් අනතුරුව එම එන්නත් ඉදිරියේදී මෙරටට ගෙන්වීමට පියවර ගන්නා බවද ඇය සඳහන් කළා