Header Ads

උණුසුම් පුවත්

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම, දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සන්නිවේදන පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි වාර්තා වන්නේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන අතර, ඊට විසඳුමක් නොලැබුණහොත් එය අඛන්ඩ වර්ජනයක් දක්වා පුළුල් කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.