Header Ads

උණුසුම් පුවත්

ආදරවන්තයන්ගේ දිනයදා සැමියාගෙන් බිරිඳට මන්නා පිහිපහරක්


ආදරවන්තයන්ගේ දින ස්වාමි පුරුෂයා එල්ල කරන ලද මන්නා පහරින් බරපතළ තුවාල ලැබූ බව කියන බිරිඳක් පෙරේදා (14 දා) පස්වරුවේ රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.

මවගේ විළාප හඬ ඇසී පහළ මාලයට දිවගොස් බැලීමේදී ඇය කුස්සියේ ලේ ගලමින් වැටී සිටි බවත්, ඒ අසල මන්නයක් අතැතිව සිය පියා කෑගසමින් සිටිනු දැක ඇති බවත් තුවාල ලැබූ තැනැත්තියගේ දියණිය පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය

අතට සිදුවූ කැපුම් තුවාල සහිතව පානදුර මූලික රෝහලට රැගෙන ආ කාන්තාව බරපතළ තත්වයේ පසුවූ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව රෝහල් ප‍්‍රකාශකයකු පැවසීය.

අනතුරින් රෝහල් ගතකර ඇත්තේ පානදුර, අලූබෝමුල්ල බෙලිකැලේ ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ උපදෙස් පරිදි , පොලිස් පරීක්ෂකවරුන් වන රෝහණ ද සිල්වා සහ ලිවේරා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.