බ්‍රිතාන්‍ය නව කොවිඩ් වයිරස ප්‍රභේදය රට තුළ පැතිර යෑම වැළැක්වීමේ අරමුණ ඇතිව සහ වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මංගල උත්සව, අවමංගල උත්සව, ප්‍රියසම්භාෂණ ඇතුළු සියලුම උත්සව සඳහා ජනතාව රැස්කිරීම දැඩි ලෙස සීමා කිරීමටත් ඒ සම්බන්ධයෙන් පෙර පැවැති මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමටත් ඊයේ (15) තීරණය කළ බව වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
ඒ අනුව මංගල උත්සව සඳහා උපරිම වශයෙන් සහභාගි කරගත හැක්කේ 50 දෙනකු පමණක් වන අතර උපන්දින සාද, ප්‍රියසම්භාෂණ ඇතුළු ඕනෑම උත්සවයක් උපරිමය 50 ක් වන පරිදි සහභාගිත්වය සීමා කෙරෙන බවත් ඒ සෑම අවස්ථාවකදීම සියයට සියයක්ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවත් රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
මිට අමතරව රාත්‍රී සමාජ ශාලා සහ හෝටල්වල ප්‍රියසම්භාෂණ ඇතුළු උත්සව සඳහා සිමා පැනවීමට ද තීරණය කර ඇති බව පැවසු රාජ්‍ය අමාත්‍යවරිය පසුගිය දින කිහිපය පුරාවට වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගේ වර්ධනය සැලකිල්ලට ගනිමින් ලබාදී තිබු ලිහිල් සීමාවන් දැඩි කිරීමට පියවර ගත් බව සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද දිනයේදී නිකුත් වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ.