බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව අභියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් වූ ග්‍රාන්ට් ලූඩන් මහතා විසින් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා දැනට නම්කර තිබෙන 35 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන්ට ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් වීම සඳහා අලුත් ඉලක්කයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව පරිසාධන මට්ටම සමත් වීමට නම් ක්‍රීඩකයන් කිලෝමීටර් 02 ක ධාවන තරගයකට සහභාගි වියයුතු අතර එම තරගය විනාඩි 08 යි තත්පර 35 ක කාලයකින් අවසන් කළයුතු වෙනවා.

මෙම ධාවන තරගය ඉදිරියේදී කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ මීටර් 400 ජාත්‍යන්තර ධාවන පථයේදී පැවැත්වෙනු ඇත.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයන්ට විනාඩියකුත් තත්පර 43 ක සාමාන්‍ය වේගයකින් සුගතදාස ධාවන පථයේ එක් වටයක් අවසන් කිරීමට සිදු වේ.

ග්‍රාන්ඩ් ලූඩන් මහතා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් දැඩි තීරණ ගන්නා පුහුණුකරුවෙකු ලෙස ප්‍රචලිතය.

ඔහුගේ සාමාන්‍ය පරිසාධන මට්ටම, පන්දු යවන්නෙකු සඳහා නම් කිලෝමීටර් 02 ක දුරක් විනාඩි 07.30 ක් හා පිතිකරුවෙකු නම් විනාඩි 08 ක් වේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් විනාඩි 08.35 ක කාලයක් ලබාදීමට ඔහු එකඟ වී තිබෙනවා.

පළමු පරීක්ෂණය අසමත් වුවහොත් අදාල ක්‍රීඩකයාට දින 40 ක කාලයක් තුළදී දෙවැනි පරීක්ෂණයකින් සමත් වීමට සිදුවන අතර එම පරීක්ෂණයෙන්ද සමත් වීමට නොහැකි වුවහොත් ඔහු කොදෙව් සංචාරය සඳහා නුසුදුස්සෙකු ලෙස නම් කිරීම සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දිගින් දිගටම ගැටලු මතු වූ අතර ක්‍රීඩකයන් සැළකිය යුතු ප්‍රමාණයක් නිරන්තර ආබාධාවලට ලක් වේ.

ඇතැම් ක්‍රීඩකයන් විවිධ බලපෑම් සිදු කරමින් යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් වී කණ්ඩායමේ රැඳී සිටින බවටද පසුගිය කාලයේදී වාර්තා විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වත්මන් යෝග්‍යතා මට්ටම අනුව ඇතැම් ක්‍රීඩකයන් කිලෝමීටර් 02 ක ධාවනය අවසන් කිරීමට විනාඩි 09.30 ක කාලයක් ලබා ගන්නා අතර තවත් ක්‍රීඩකයෙකුට එම ඉලක්කය සම්පූර්ණ කිරීම සඳහා විනාඩි 10 ක කාලයක් ගතවන බවද වාර්තා වේ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව අභියෝගයක්
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව අභියෝගයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQcBcQp1cgj8EGf9DXm057uGGaCJTVjgfxMXjI3xMWMWg12VHkbVWZ_koCz45U_ZPhSzE_goAYYcVH6CAEh0Z25y8zTUgJolqDF6Noi8PeDtuFxOqAnYj5RUnryrL4TFEa-cEZd-VKXl4/s16000/Image-Top-Layout+%25281%2529+-+2021-02-03T125020.074.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQcBcQp1cgj8EGf9DXm057uGGaCJTVjgfxMXjI3xMWMWg12VHkbVWZ_koCz45U_ZPhSzE_goAYYcVH6CAEh0Z25y8zTUgJolqDF6Noi8PeDtuFxOqAnYj5RUnryrL4TFEa-cEZd-VKXl4/s72-c/Image-Top-Layout+%25281%2529+-+2021-02-03T125020.074.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/blog-post_11.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/blog-post_11.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content