Header Ads

උණුසුම් පුවත්

හෙරොයින් හා අයිස් සමග සැකකාරියක් අත්අඩංගුවට


ඊයේ දහවල් හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම ප්‍රදේශයේදී හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 55ක් අයිස් ග්‍රෑම් 28 සහ ගංජා ග්‍රෑම් 6 ක් සමඟ හයක් සමඟ ත්‍රීරෝද රථයක් හා යතුරුපැදියක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 21 වූ මීගහවත්ත කනම්පැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලීසිය සඳහන් කළේ. හංවැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.