ඉන්දීය තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යූසූෆ් පතාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.38 හැවිරිදි යූසූෆ් පතාන් 2008 වසරේ ඉන්දියාව වෙනුවෙන් පාකිස්තානයට එරෙහිව එක්දින වරම් හිමිකර ගත් අතර ඔහු එක්දින තරග 57 කදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. එහිදී එක්දින ලකුණු 810 ක් රැස් කර ගෙන ඇති පතාන් දවා ගෙන ඇති එක්දින කඩුලු සංඛ්‍යාව 33 කි.
විස්සයි විස්ස කඩුලු 13 ක් ද පතාන් විසින් බිඳහෙලා තිබෙන අතර 2007 විස්සයි විස්ස ලෝක කුසලානය සහ 2011 එක්දින ලෝක කුසලානය ජය ගත් ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමටද යූසූෆ් පතාන්ට අවස්තාව හිමිවුණා.
සිය විශ්‍රාම ගැනීම නිල වශයෙන් නිවේදනය කරමින් ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ඔහුට සහයෝගය දුන් සහ ආදරය කළ සියලූමදෙනාට ස්තූතිය පුද කරන බවයි.




