දෙපාර්තමේන්තුවේ අලාභය අවම කර ගැනීමත් දෙපාර්තමේන්තු ක්‍රියාවලිය සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ගැනීමත් මූලික කරගනිමින් තැපැල් ගාස්තු සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
සාමාන්‍ය ලිපියක් සඳහා මුද්දර ගාස්තුව රුපියල් පහළොවක් වන නමුත් ඒ සඳහා දෙපාර්තමේන්තුවට රුපියල් විසි දෙකයි ශත හැත්තෑ පහක් වැය වන බවත් ශීඝ්‍රගාමී තැපැල් සේවාව සඳහා දෙපාර්තමේන්තුව රුපියල් පනහක් වැනි අඩු මුදලක් අය කළ ද පෞද්ගලික අංශය ඒ සඳහා රුපියල් දෙසිය පනහක් පමණ අය කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනූව ගාස්තු සංශෝධනය සඳහා ලබන මාසයේ දී නව යෝජනා අමාත්‍යාංශයට ඉදිරිපත් කිරීමට නියමිතය.




