පාපැදියකින් ගමන්කරමින් සැක සැකකටයුතු ලෙස හැසුරුණු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දෙමටගොඩ ප්‍රදේශයේදියි.
අත්අඩංගුවටගත් සැකකරුගේ පාපැදියේ පිටුපස තිබූ බෑගයක මෝටර් රථවලින් ගලවන ලද පැති කණ්ණාඩි යුගල 16ක් තිබී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
සැකකරු 31 හැවිරිදි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබෙනවා.
ඊයේ (12) දින කොලොන්නාව ප්‍රදේශයේ විවිධ ස්ථානවල නවතා තිබූ මෝටර් රථ වලින් මෙම පැති කණ්ණාඩි ගලවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
එළෙස සොරකම් කරනලද පැති කණ්ණාඩි පංචිකාවත්ත ප්‍රදේශයේ විවිධ ස්ථානවලට අලෙවිකරන බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සොරකම් කිරීම, සොරකම් කරනලද භාණ්ඩ ප්‍රවාහනය සහ සොරකම් කරනලද භාණ්ඩ භාර ගැනීම ද නීතියට අනුව වරදක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
ඒ අනුව අදාළ සැකකරුගෙන් පැති කණ්ණාඩි මිලදී ගත් පිරිස් සොයා විමර්ශන ක්‍රියාත්මක බවද අජිත් රෝහණ මහතා සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා